වනාන්තරවලින් නක්සල්වාදීන් තුරන් කළත් තවත් පිරිසක් සමාජයේ - මෝදිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Report

ඉන්දියාවේ වනාන්තරවල සන්නද්ධ නක්සල්වාදීන්ගේ බලය අවසන් කර ඇති නමුත්, “මානසික නක්සල්වාදීන්” තවමත් විවිධ සංවිධාන තුළ සැඟවී සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

චත්තිස්ගාර් ප්‍රාන්තයේ බස්තර් ප්‍රදේශයේ ආරක්ෂක හමුදා සාමාජිකයන් සමඟ දීපවාලි උත්සවය සැමරීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

2026 වසරේ දීපවාලිය ඉන්දියාවට විශේෂ අවස්ථාවක් බව සඳහන් කළ මෝදි, දශක ගණනාවක් පැවති නක්සල්වාදී සහ මාඕවාදී තර්ජනයට එරෙහි සටනේ සාර්ථකත්වයෙන් පසු සමරන පළමු දීපවාලිය මෙය බව කියා සිටියා.

එමෙන්ම ඉන්දියාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නක්සල්වාදයෙන් නිදහස් වූ පළමු දීපවාලිය මෙය බවත්, නක්සල්වාදය පිළිබඳව ජනතාව තුළ පැවති බියෙන් මිලියන ගණනක් ජනතාව නිදහස් වී ඇති බවත් ඔහු සඳහන් කළා.

ලතින් ඇමරිකානු සංචාරය අරඹද්දී පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සුබ ආරංචියක්

ලතින් ඇමරිකානු සංචාරය අරඹද්දී පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සුබ ආරංචියක්

කෙසේ වෙතත්, එම තර්ජනය සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැති බව පෙන්වා දුන් මෝදි, සන්නද්ධ නක්සල්වාදීන් තුරන් කර ඇති නමුත් ඔවුන්ගේ මතවාදය දරන පිරිස් විවිධ සංවිධානවලට සහ දේශපාලන පක්ෂවලට ඇතුළු වී ඇති බවට චෝදනා කළා.

එම පිරිස් ව්‍යවස්ථාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ජනතාව උසිගන්වන බවත්, ඔවුන් හඳුනාගෙන පරාජය කිරීම රටේ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෝදි මීට පෙර ද නිදහස් දින උත්සවයේදී “මානසික නක්සල්වාදීන්” යන යෙදුම භාවිත කර තිබූ අතර, එම ප්‍රකාශය සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයට සහ එහි විරුද්ධ පාර්ශ්වවලට අයත් දේශපාලනඥයන් සහ ක්‍රියාකාරීන් අතර මත ගැටුම් ද ඇති වී තිබෙනවා.

මේ අතර, පසුගිය වසර තුළ ඉන්දීය මධ්‍යම සංචිත පොලිස් බළකායේ (CRPF) කිසිදු සෙබළෙකු රාජකාරියේදී ජීවිතක්ෂයට පත්ව නොමැති බව ද මෝදි මෙහිදී ප්‍රකාශ කළා. වසර 47කට පසු එවැනි තත්ත්වයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවයි ඔහු සඳහන් කළේ.

එය රටේ ආරක්ෂක ප්‍රතිපත්තිවල සාර්ථකත්වය මෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ නිර්භීතකම, ධෛර්යය සහ කැපවීම පිළිබිඹු කරන ජයග්‍රහණයක් බව ද ඔහු පැවසුවා.

මුම්බායි දුම්රියේ ගුටි බැට හුවමාරුවක් දුරදිග යයි - අවසානයේ එක් මගියෙක් දුම්රියෙන් ඇද වැටෙයි

මුම්බායි දුම්රියේ ගුටි බැට හුවමාරුවක් දුරදිග යයි - අවසානයේ එක් මගියෙක් දුම්රියෙන් ඇද වැටෙයි

මාඕවාදීන්ගේ ප්‍රධාන බලකොටුවක් ලෙස දිගු කලක් සැලකුණු බස්තර් ප්‍රදේශය, ආරක්ෂක මෙහෙයුම්, සටන්කාමීන් විශාල පිරිසක් යටත් වීම සහ සංවර්ධන වැඩසටහන් හේතුවෙන් සැලකිය යුතු වෙනසකට ලක්ව ඇති බව ද වාර්තාවේ සඳහන් වනවා.

මීට පෙර 2010 වසරේ දී දන්තේවාඩා ප්‍රදේශයේ සිදුවූ ප්‍රහාරයකින් CRPF සෙබළුන් 66 දෙනෙකු මියගිය බවත්, එම වසරේම තවත් සිදුවීමකින් සිවිල් වැසියන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් මෝදි සිහිපත් කළා.

2004 සිට 2013 දක්වා කාලය තුළ සෑම වසරකම මාඕවාදීන් තුරන් කිරීමේ මෙහෙයුම්වලදී මියගිය සෙබළුන් සංඛ්‍යාව, තුරන් කළ මාඕවාදීන් සංඛ්‍යාවට වඩා වැඩි වූ බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දරුවන් 190ක් ඇතුළු සිය ගණනක් කුසගින්නේ තබා මරා දැමූ කෙන්යානු අන්තවාදී පූජකයාට වසර 200ක සිර දඬුවමක්

දරුවන් 190ක් ඇතුළු සිය ගණනක් කුසගින්නේ තබා මරා දැමූ කෙන්යානු අන්තවාදී පූජකයාට වසර 200ක සිර දඬුවමක්