වැලිගම විශාල පිපිරීමට හේතුව හෙළිවේ.(PHOTOS)

Police Weligama Nihal thalduwa Weligama gas blas
By Aruna Nov 05, 2021 03:14 AM GMT
Aruna

Aruna

Report

වැලිගම පොලිස් වසමේ කප්පරතොට, ඇවරිවත්ත ප්‍රදේශයේ කුඩා ප්‍රමාණයේ සංචාරක හෝටලයක සිදුවූ පිපිරීම අධි බලැති හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍යයක් නිසා සිදුවූවක් නොවන බවට රජයේ රස පරීක්ෂක තහවුරු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරනවා.

මෙම පිපිරිමට හේතුව නිවාස වල භාවිතයට ගන්නා LP ගෑස් කාන්දුවක් බවට රජයේ රස පරීක්ෂකවරයා සඳහන් කර ඇති බවත් වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙම පිපිරීම ඊයේ උදෑසන 03:30 ට පමණ සිදුව ඇති අතර එහිදී හෝටලයේ හිමිකරු වන 35 හැවිරිදි අයෙකු, ඔහුගේ පුත්‍රයා වන 14 හැවිරිදි දරුවෙකු සහ අසල්වැසි නිවසක කාන්තාවක වන 31 හැවිරිදි අයෙකු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම පිරීම හේතුවන් එම හෝටල් ප්‍රදේශයේ දැඩි හානි සිදුවීම හේතුවෙන් මෙය ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමක් ලෙස සැලකීම අපහසු බවද බොහෝ දෙනා ප්‍රකාශ කලා.

තවද පිපිරීමෙන් අවට නිවෙස් හයකටද හානි සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha