සතියෙන් බර කිලෝ 10කින් අඩු කරන Diet Plan එක

PROTEIN VITAMINS DIET PLAN WEIGHT LOS
By Sewvandhi Oct 30, 2021 12:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශරීරයේ බර වැඩි වෙන එක ගැහැණු පිරිමි භේදයක් නැතුව හැමෝටම තියෙන ප්‍රශ්නයක්. හැමෝගෙම තියන කාර්යබහුල ජිවන රටාව නිසා වැරදි ආහාර පුරුදු වලට හුරු වීම මේකට ප්‍රධානම හේතුවක්. ඒ වගේම තමයි ව්‍යායාම කරන්නත් වෙලාවක් නැහැනේ.

ගොඩක් අය ආහාර පාලනය කරලා බර අඩු කරගන්න හිතුවත් ඒ වැඩේ හරි නොගිය අය ඕන තරම් ඉන්නවා. එහෙම වෙන්නේ හරි දැනුමකින් සහ අවබෝධයකින් මේ වැඩේ කරන්නේ නැති නිසා. ඉතින් අද ඔබට කියන්නම් ගොඩක් හොඳ ප්‍රතිඵල ලබාදෙන Diet Plan එකක් ගැන.

පළමු දිනය

පළමු දිනයේදී කෙසෙල් හැර අනික් ඕනෑම පලතුරු වර්ගයක්, ඕනෑම ප්‍රමාණයකින් ආහාරයට ගන්න පුළුවන්. දවස පුරාම ආහාරයට ගත යුත්තේ පලතුරු වර්ග විතරයි. ඒ එක්කම වතුර වීදුරු 8 -10 අතර ප්‍රමාණයක් බොන්නත් ඕනේ. පලතුරු වලින් වැඩිපුරම පැණි කොමඩු හා ඇපල් ආහාරයට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

සතියෙන් බර කිලෝ 10කින් අඩු කරන Diet Plan එක | Weight Lose Diet Plans

දෙවන දිනය

දෙවන දිනයේදී පලතුරු වෙනුවට ආහාරයට ගන්න ඕනේ එළවළු වර්ග විතරයි. පිසින ලද හෝ අමුවෙන් සකස් කරගත් එළවළු ආහාරයට ගන්න පුළුවන්. ඒ අතරට තම්බන ලද අර්තාපල් බටර් සමඟ මුසු කර ආහාරයට එකතු කර ගන්නත් පුළුවන්. මේකෙන් ඔබගේ ශරීරයට අවශ්‍ය වෙන පෝෂණය වගේම ශක්තියත් නොඅඩුව ලබාගන්න හැකියාව තියෙනවා.

තුන් වන දිනය

තුන් වන දවසේදී ඔබට පුළුවන් කෙසෙල් සහ අර්තාපල් හැර වෙන ඕනෑම එළවළුවක් හෝ පළතුරක් ආහාරයට ගන්න. හැබැයි එළවලු පලතුරු දෙකම සම සමව තමයි ගන්න ඕනේ.

හතර වන දිනය

මෙච්චර දවස් ආහාරයට ගන්න තහනම් කරපු කෙසෙල් හතරවෙනි දවසේ ආහාරයට ගන්න පුළුවන්. දවස පුරාම කෙසෙල් සමඟ කිරිත් අනිවාර්යයෙන් පානය කරන්න ඕනේ. කලින් දවස් වලදී ඔබේ ශරීරයට නොලැබුන පොටෑසියම් සහ සෝඩියම් මේකෙන් ලැබෙනවා.

සතියෙන් බර කිලෝ 10කින් අඩු කරන Diet Plan එක | Weight Lose Diet Plans

පස්වන දිනය

පස්වන දිනය වෙනකොට ඔබට ආහාරයට ගන්න තියෙන්නේ මස් වර්ග. ඒකට හරක් මස්, කුකුල් මස් වගේ මස් වර්ග ගන්න පුළුවන්. තක්කාලිත් මේ එක්කම පුළුවන් තරම් ආහාරයට ගන්න ඕනේ. මේකෙදි සිදුවෙන්නේ යකඩ සහ ප්‍රෝටීන සිරුරට අවශෝෂණය වීම.

හයවන දිනය

හයවැනි දිනදී ඔබට පුළුවන් මස් එක්ක තක්කාලි වෙනුවට ඔබ කැමති ඕනෑම එළවලු වර්ග කීපයක් ආහාරයට එකතු කරගන්න.

හත්වන දිනය

ආහාර සැලසුමේ අන්තිම දවසේ තමයි ඔබට බත් කන්න ලැබෙන්නේ. ඒත් කෝප්පයක ප්‍රමාණයක් තමයි කන්න පුළුවන්. බත් එක්ක එළවලු ඇතුළුව කැමති ඕනෑම ආහාරයක් ගන්න පුළුවන්. හැබැයි ඒ අතරට පලතුරු යුෂ අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ. ඒ වගේම හැම දවසකම වතුර ලීටර් 6ක් වත් බොන්න අමතක කරන්න එපා. තේ, කොපි, සෝඩා වගේ දේවලුත් මේ අතරට ගන්න පුළුවන්

සතියෙන් බර කිලෝ 10කින් අඩු කරන Diet Plan එක | Weight Lose Diet Plans

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.