කොරෝනා අස්සෙ මංගල රථයක් අතරමග නතර වෙයි - සැප රියෙන් බැස්සවූ පිරිසක් ජෝඩුවට කරපු අමුතු විහිලුව..

covid19 wedding guild lines south area raging
By Sithumi Dec 04, 2021 02:07 PM GMT
Sithumi

Sithumi

Report

මාර්ගයේ පැවැති දුෂ්කර තත්ත්වය නිසා මංගල රථය අතරමඟ නතර කිරීම හේතුවෙන් මනාලිය විල්බැරෝවක නංවාගෙන කිලෝමීටර එක හමාරක් පමණ තල්ලු‍ කරගෙන යාමට මනාලයාට සිදුවූ පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

ව්‍යාපාරික කටයුත්තක් කරගෙන යන මෙම තරුණයා ව්‍යාපාර කටයුතු සඳහා නගරයට ගිය අවස්ථාවක දැන හඳුනාගත් තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත්තේය. තරුණයාගේ ගම් ප්‍රදේශය ගමනාගමන පහසුකම් අතින් ඉතා දුෂ්කර වුවද ඔහුගේ උත්සාහවන්ත බවත් යහපත් ගතිගුණත් නිසා ඔහු හා ඇතිකරගත් සම්බන්ධයට තරුණියගේ මවුපියන්ගේ ආශිර්වාදය හිමිවිය.

ඒ අනුව දෙදෙනාගේ විවාහ මංගල්‍යය කටයුතු පසුගියදා ⁣සිදු කෙරිණි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම කටයුතු සැලසුම් කර තිබිණ. මනාල යුවළ රැගත් නවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථය මනාලයාගේ නිවෙසට කිලෝ මීටර එක හමාරක් පමණ තිබිය දී නතර කෙරිණි.

මාර්ගයේ එම කොටස දැඩි ලෙස අබලන්ව ගල් මතුවී තිබීම නිසා මෝටර් රථය ඉන් ඔබ්බට ධාවනය කරවීමට රියැදුරා කිසිසේත් කැමැත්තක් නොදැක්වූයේ මාර්ගය මෙතරම් දුෂ්කර බව මුලින් තමාට නොකී බවට ද චෝදනා කරමිනි. කෙසේ වෙතත් රියැදුරාගේ තීරණය වාදයකින් තොරව පිළිගත් මනාල යුවළ එතැන් සිට පා ගමනින් යාමට තීරණය කළේ ඉතා කැමැත්තෙනි.

සෙසු පිරිස පැමිණි වාහන ද එම ස්ථානයේ නතර කෙරුණු අතර දෑවැදි භාණ්ඩ රැගත් ලොරි රථය පමණක් ඉතා අමාරුවෙන් ඉදිරියට ඇදිණ. නව යුවළට වැඩි දුරක් පයින් යාමට සිදු නොවිණි. මනාල මහතාගේ මිතුරෝ පිරිසක් විල්බැරෝවක් රැගෙන පැමිණියහ. මනාලිය එයට නැංවීය.

එතැන් සිට නිවෙස දක්වාම සිය මනාලිය සහිත විල් බැරෝව තල්ලු‍ කරගෙන යාමට මනාලයාට සිදුවූයේ සෙසු පිරිසගේ දිරි ගැන්වීම් සහ විනෝදාත්මක කතා මධ්‍යයේය. කෙසේ වෙතත් පසුව දැනගන්නට ලැබුණේ මනාලයාගේ යහළුවන් නිවෙසට මීටර සියයක් පමණ මෙහා සිට යාමට සූදානම් කර තිබූ විල්බැරෝ ගමන අහම්බෙන් ඇතිවූ සිද්ධිය නිසා කිලෝ මීටර එකහමාරක් පමණ දීර්ඝ වූ බවයි.(උපුටාගැනීම - lankadeepa)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now