දළදා මාලිගාවේ අලුත් වෙන තොරතුරු දැනගන්න වෙබ් අඩවියක්
Kandy
Sri Lanka
Temple of tooth
By Zara
මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් පොලීසිය විසින් රථ වාහන කළමනාකරණය සහ උපදෙස් පද්ධතියක් හඳුන්වාදී තිබේ.
හෙට (18) දින සිට ආරම්භ වන “සිරි දළදා වන්දනාව” නිමිත්තෙන් බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 10,000 කට අධික පිරිසක් රාජකාරියේ යොදවා සිටී.
ඒ අනුව “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සේවාවන් සපයා ගැනීම මෙන්ම පොලීසිය සහ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් නව පද්ධතියක් හඳුන්වාදී තිබේ.
මෙම පද්ධතිය සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙඩි අඩවිය හරහා “සිරි දළඳා වන්දනාව " නමින් සඳහන් වන daladadekma.police.lk වෙත පිවිසීමෙන් පසු දළදා වන්දනාව සම්බන්ධයෙන් තොරතුරු හා උපදෙස් බැතිමතුන් වෙත ලබා ගැනීමට හැකියාව ඇත.
