ලංකාවට සංචාරකයෝ මෙච්චර ප්‍රමාණයක් ??

By Zara Apr 17, 2025 01:45 PM GMT
Report

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 8 ලක්ෂ 16,191ක් බවයි.

ඉන් අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළදී සංචාරකයින් 93,915ක පිරිසක් මෙරටට පැමිණ ඇත.

අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අප්‍රේල් 12වනදා වන අතර, එදින 7,585ක පිරිසක් පැමණ ඇත.

එමෙන්ම එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම පිරිස 18,220ක් ලෙස සහන්වී ඇත.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 11,425ක්, රුසියාවෙන් 8,705ක් සහ ජර්මනියෙන් 7,746ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

මට නංගි-මල්ලි කිව්වට දැන් රිදෙන්නේ නැහැ...! දැන් ගානක්වත් නැහැ මට

මට නංගි-මල්ලි කිව්වට දැන් රිදෙන්නේ නැහැ...! දැන් ගානක්වත් නැහැ මට

අද කොළඹ කොටස් වෙළඳපොල පහළට

අද කොළඹ කොටස් වෙළඳපොල පහළට