කාලගුණයෙන් පළාත් කිහිපයකට අවවාදාත්මක අනතුරු ඇඟවීමක්

Report

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. එම නිවේදනය අනුව මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය බලපෑ හැකිය.

මෙම ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අවවාදයයි - දිවයින පුරා වැසි සමග සුළං මුහුදත් රළු වෙයි

අවවාදයයි - දිවයින පුරා වැසි සමග සුළං මුහුදත් රළු වෙයි

මේ අතර, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහාද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, මුහුද විටින් විට රළු ස්වභාවයක් ගත හැකි බවද සඳහන් වේ.

ඒ අනුව ධීවර හා නාවික කටයුතුවල නිරත පිරිස් අවධානයෙන් කටයුතු කරන ලෙසත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

එල්නිනෝ තත්ත්වය හමුවේ රටේ බොන්නවත් වතුර නැති වෙයිද? දිවයිනේ සමස්ත ජනතාවගෙන්ම ඉල්ලීමක්

එල්නිනෝ තත්ත්වය හමුවේ රටේ බොන්නවත් වතුර නැති වෙයිද? දිවයිනේ සමස්ත ජනතාවගෙන්ම ඉල්ලීමක්