චීනයේ කම්හලක දැවැන්ත ගින්නක් - පුද්ගලයින් 28ක් ජීවිතක්ෂයට - වීඩියෝ දර්ශන ලොව පුරා සමාජ මාධ්‍ය කළඹයි [VIDEO]
ගිනිකොනදිග චීනයේ ජින්ජියැං නගරයේ සපත්තු කම්හලක ඇති වූ ගින්නකින් අවම ලෙස පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.
ඒ අනුව ෂින්හුවා විසින් පළ කරන ලද දර්ශනවල ගොඩනැගිල්ලකින් විශාල කළු දුමාරයක් නැඟී එන ආකාරය මෙන්ම වහලය මත පුද්ගලයින් සිරවී සිටින බව ද දක්නට ලැබුණු බව සඳහන්.
මේ අතර එරට ජනාධිපති ෂී ජින් පිං සඳහන් කළේ ගින්නෙන් "විශාල ජීවිත හානි" සිදුවී ඇති බවත්, වගකිව යුතු අය මේ සඳහා "දැඩි ලෙස වගකිව යුතු" බවත් ය.
පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්
ෆුජියන් පළාතේ ජින්ජියැං, බොහෝ විට චීනයේ "සපත්තු අගනුවර" වශයෙන් හඳුන්වනු ලබන්නේ එය ලෝකයේ ක්‍රීඩා සපත්තුවලින් 20% ක් නිෂ්පාදනය කරන බැවිනි.
ඒ අනුව අද(09) දේශීය වේලාවෙන් දහවල් 12 ට පමණ (බ්‍රසීල වේලාවෙන් 05:00) හුයිටෙන්ග් පාවහන් කම්හලේ ගින්නක් හට ගෙන තිබුණා. රාජ්‍ය විකාශන සීසීටීවී වාර්තාවලට අනුව, ගලවා ගැනීමේ සේවකයින් සිය ගණනක් එම ස්ථානයට ඉක්මනින් පිටත්ව ගිය අතර, 200 කට අධික පිරිසක් ඉවත් කර ඇති බව සඳහන්.
එමෙන්ම කොපමණ සංඛ්‍යාවක් තුවාල ලබා ඇත්ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.
ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි
කෙසේ වෙතත් මූලික වාර්තාවලින් පෙනී යන්නේ ගින්න හටගෙන ඇත්තේ කර්මාන්ත ශාලාවේ බිම් මහලේ දැවෙන සුළු ද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථානයක විය හැකි බවයි.
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,