මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල්වලට මිලියන ගණනක වන්දි පැකේජයක් – ලක්ෂ 5 මූලික ගෙවීමක් පමණයි
මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇතිවූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් වෙත ලබාදුන් රුපියල් 500,000ක මුදල අවසන් වන්දිය නොව, මූලික වන්දි ගෙවීමක් පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, අදාළ පවුල් සඳහා ලබාදෙන සමස්ත වන්දි පැකේජය එක් පවුලකට රුපියල් මිලියන 2කට වැඩි මට්ටමකට ඉහළ දැමීම පිළිබඳ සලකා බලමින් සිටින බවයි.
ලේ විලක් වුණ මීගමුව බන්ධනාගාර ගැටුම ගැන සියල්ල එළිවෙයි - දින තුන හතරකට කළින්ම මෙහෙම දෙයක් සිදු වෙන්න නියමිතයි කියලා බුද්ධි තොරතුරු ලැබිලා
එමෙන්ම මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ අවසන් කටයුතු සඳහා වැය වූ සියලු වියදම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දරා ඇති බවද ඔහු පැවසීය.
මේ අතර, සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා ලබාදෙන වන්දි සම්බන්ධයෙන්ද දෙපාර්තමේන්තුව සමාලෝචනය කරමින් සිටී. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ තුවාල ලැබූ නිලධාරීන් 7 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
ඔවුන්ගෙන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද සඳහන් කර ඇත.