සහල් භාවිත කළ හැක්කේ ආහාර පිණිස බත් ලෙස පමණක් බවට පනවා තිබූ ගැසට් නිවේදනය ඉවත් කරයි - ජනපති [VIDEO]
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් භාවිතයෙන් බියර්, සත්ත්ව ආහාර සහ විවිධ අතුරු නිෂ්පාදන සිදු කිරීමට පනවා තිබූ බාධාවන් ඉවත් කරමින්, සහල් වෙනුවෙන් නව වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට රජය පියවර ගෙන ඇති බව සඳහන් කළා.
ඔහු මේ බව අවධාරණය කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 67,000කට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන මහා පරිමාණ ජල ව්‍යාපෘතියක දෙවන අදියර කැබිතිගොල්ලෑවේදී ආරම්භ කරමින්.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙතෙක් සහල් භාවිත කළ හැක්කේ ආහාර පිණිස බත් ලෙස පමණක් බවට පනවා තිබූ ගැසට් නිවේදනය ඉවත් කිරීමට රජය කටයුතු කළ බවයි.
එමෙන්ම අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ අතීතයේ සහල් නිෂ්පාදනය අවම මට්ටමක පැවතීම නිසා එවැනි සීමාවන් පනවා තිබුණද, වර්තමානයේ පවතින අතිරික්ත අස්වැන්න කළමනාකරණය සඳහා විවිධාංගීකරණය අත්‍යවශ්‍ය බවයි.
"අපේ රටේ සහල් නිෂ්පාදනය දැන් ඉහළ මට්ටමක පවතිනවා. ගොවියා නිපදවන වී අස්වැන්න බත් සඳහා පමණක් සීමා කිරීමෙන් වී මිල පහත වැටීමේ අවදානමක් පවතිනවා. සහල්වලින් බියර්, වයින්, බිස්කට්, කේක් සහ සත්ත්ව ආහාර වැනි අතුරු නිෂ්පාදන සඳහා අවස්ථාව ලබා දීමෙන් වී සඳහා විශාල වෙළෙඳපොළක් සහ තරගකාරී මිලක් නිර්මාණය වෙනවා,"
පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්
මේ අතර ජපානය වැනි රටවල් සහල් භාවිතයෙන් විවිධ නිෂ්පාදන සිදු කරමින් ඉහළ ආර්ථික ප්‍රතිලාභ ලබන ආකාරය උදාහරණයට ගත් ජනපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ පශ්චාත් අස්වනු හානි වැළැක්වීමේ ආයතන මඟින් දැනටමත් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති සහල් ආශ්‍රිත නිෂ්පාදන කඩිනමින් වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කරන බවද පැවසුවා.
මෙම ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පොතාන සහ කහටගස්දිගිලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මුහුණ දෙන බරපතළ පානීය ජල ගැටලුවට විසඳුම් වශයෙන් ක්‍රියාත්මක වන බව සඳහන්.
එහි දෙවන අදියර යටතේ පවුල් ඒකක 67,000කට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හිමි වේ.
එමඟින් ප්‍රදේශයේ වකුගඩු රෝගය පාලනය කිරීමටද විශාල පිටුවහලක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරයි. එමෙන්ම මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ විශාල ජනතාවක් එක්ව සිටියා.