හෝමුස් ප්‍රහාරයට ඉන්දියානුවන් ගොදුරු වෙලා - තනාපති කර්යාලය දැඩි කනස්සල්ලෙන්

By Malith Madushan Jul 12, 2026 07:53 AM GMT
Report

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉරාන ප්‍රහාරයකට ලක්වූ සයිප්‍රස් ධජය යටතේ ගමන් කළ වාණිජ නෞකාවක සිටි ඉන්දියානු ජාතිකයෙකු අතුරුදන්ව ඇති බව ඉන්දියානු රජය තහවුරු කරයි.

GFS Galaxy නමැති එම නෞකාව ඕමාන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ප්‍රහාරයට ලක්වීමෙන් පසු ගින්නක් හටගෙන ඇති අතර, කාර්ය මණ්ඩලයට නෞකාවෙන් ඉවත් වීමට සිදුවී තිබේ.

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ නෞකාවේ සිටි ඉන්දියානු ජාතිකයන් 11 දෙනාගෙන් 10 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බවත්, එක් අයෙකු තවමත් අතුරුදන්ව සිටින බවත්ය.

ඕමානයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය, ඕමාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් සෙවීමේ හා බේරාගැනීමේ මෙහෙයුම් පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද සඳහන් කර ඇත.

ඉරානයට ඇමරිකාවෙන් ප්‍රබල ප්‍රහාර මාලාවක් - ලෝකයටම බලපැම් සහගත තත්වයක්

ඉරානයට ඇමරිකාවෙන් ප්‍රබල ප්‍රහාර මාලාවක් - ලෝකයටම බලපැම් සහගත තත්වයක්

 ඉරානය ප්‍රකාශ කර ඇත්තේ අදාළ නෞකාව අවසර නොලත් මාර්ගයක ගමන් කළ බැවින් එය නිවැරදි මාර්ගයට යොමු කිරීමේ ක්‍රියාවලියක් ලෙස මෙම පියවර ගත් බවයි. මෙම සිද්ධියෙන් පසු ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමූ අතර, ඇමෙරිකාවද නව ප්‍රහාර මාලාවක් ආරම්භ කිරීමත් සමඟ මැදපෙරදිග ආතතිය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඉන්දියාව මෙම සිදුවීම් පිළිබඳ දැඩි කනස්සල්ල පළ කරමින් කලාපීය ආතතිය වහා අඩු කරන ලෙසත්, රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සඳහා සාකච්ඡා ඉදිරියට ගෙන යන ලෙසත් ඉල්ලා ඇත. වාණිජ නෞකා සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගැනීම ජාත්‍යන්තර නීතියට අනුකූල නොවන බවද ඉන්දියාව අවධාරණය කර තිබේ.     

ඉරානය හෝර්මුස් යලිත් වසා දමයි - ලෝක තෙල් වෙළෙඳපොළ දැඩි අර්බුදයක

ඉරානය හෝර්මුස් යලිත් වසා දමයි - ලෝක තෙල් වෙළෙඳපොළ දැඩි අර්බුදයක