"කිසිම දරුවෙක් අධ්‍යාපන පද්ධතියෙන් බැහැර කරන්නේ නැහැ" - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් ස්ථාවර ප්‍රකාශයක් [VEDIO]

Report

මෙරට අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විවිධත්වය පිළිගනිමින් සියලු දරුවන්ට සමාන අවස්ථා ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන "සරසවි දිරියෝ අභිමන්" සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නිවේදනයක්

විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නිවේදනයක්

අරලියගහ මන්දිරයේදී පැවති මෙම උත්සවයේදී ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් සඳහා රුපියල් 100,000 බැගින් වූ ශිෂ්‍යාධාර ද පිරිනැමුණි.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, කිසිදු දරුවෙකු අධ්‍යාපන පද්ධතියෙන් ඉවත් නොකර, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඇතුළු සියලු දෙනාට අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශයක් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බවයි.

පණිවිඩ සහ ලින්ක් ක්ලික් කරන්න කලින් දෙපාරක් හිතන්න- ලංකාවේ අලුත්ම සයිබර් තර්ජනය මෙන්න

පණිවිඩ සහ ලින්ක් ක්ලික් කරන්න කලින් දෙපාරක් හිතන්න- ලංකාවේ අලුත්ම සයිබර් තර්ජනය මෙන්න

එමෙන්ම, විශ්වවිද්‍යාල තුළ ආබාධ සහිත සිසුන්ට අවශ්‍ය භෞතික හා ප්‍රායෝගික පහසුකම් සලසාදීමේ වැදගත් වගකීමක් උපකුලපතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත පැවරෙන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.