එයාව මරන්න නැත්නම් ඕන දෙයක් කරන්න මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මම එයාගේ මිනිය ගෙදරට ගෙනියන්නේ නැහැ - නරුම පුතාගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි [VIDEO]

By Kaushi Jul 10, 2026 08:59 AM GMT
Report

මුළු ඉන්දියාවම කම්පා කරමින් අවුරුදු 12ක මල් කැකුළක් තලා පොඩි කර, සදහටම මිලින කළ බරුයිපූර් දූෂණය සහ මිනීමැරුම් නඩුවේ ප්‍රධාන විත්තිකරු වන ප්‍රභාෂ් මොන්ඩල්ගේ මව තම පුතාගේ දේහය භාර නොගන්නා බවත්, ඔහුගේ ක්‍රියාවන්ට දඬුවම ලැබිය යුතු බවත් සඳහන් කිරීමත් සමඟ ලෝකෙම් අවධානය ඒ වෙත යොමුව තිබෙනවා.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් චූදිතයාගේ මව සඳහන් කර ඇත්තේ,

"මගේ ගෙදරට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ආවා. මම ඒ වෙලාවේ තමයි ඇහැරුනේ. මගේ පුතා මැරිලා කියලා එයාලා කිව්වා, ඒ නිසා මම රෝහලට යන්න කැමතියි. මගේ සැමියා අසනීපයෙන් ඉන්න නිසා මට යන්න බැහැ කියලා මම කිව්වා." "මම එයාලට කිව්වා මගේ කිසිම විරුද්ධත්වයක් නැති නිසා එයාලට ඕන දෙයක් කරන්න කියලා. මගේ පුතා කරපු දේට දඬුවම් ලැබිලා තියෙනවා. මම එයාගේ මිනිය පිළිගන්නේ නැහැ. මම එයාගේ මිනිය අපේ ගෙදරට ගෙනියන්නේ නැහැ. එයා කිසිම හොඳක් කරලා නැහැ. එයා වැරදි කළා, ඒකට දඬුවම් ලැබිලා තියෙනවා," යනුවෙන් පැවසූ ඇය තවදුරටත් කියා සිටියේ, "එයාව මරන්න නැත්නම් ඔයාට ඕන දෙයක් කරන්න. මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මම එයාගේ දේහය පිළිගන්නේ නැහැ," යනුවෙන්.

තෝව අහුවුණොත් මරනවා එළියෙදී අහුවෙන්න එපා - රැඳවියන්ට එළියට එන්න නොදුන් නිලධාරියට මරණ තර්ජන - ගැටුම මෙහෙයපු සුරේෂ්ටත් රැඳවියන්ගෙන්ම ඇවිද ගන්න බැරි වෙන්නම අමානුෂික ප්‍රහාර

තෝව අහුවුණොත් මරනවා එළියෙදී අහුවෙන්න එපා - රැඳවියන්ට එළියට එන්න නොදුන් නිලධාරියට මරණ තර්ජන - ගැටුම මෙහෙයපු සුරේෂ්ටත් රැඳවියන්ගෙන්ම ඇවිද ගන්න බැරි වෙන්නම අමානුෂික ප්‍රහාර

මෙම බරුයිපූර් ස්ත්‍රී දූෂණ සහ ඝාතන නඩුවට අදාළව අපරාධ ස්ථානය ප්‍රතිනිර්මාණය කරමින් සිටියදී, එදිනම පෙර දින පොලිස් ගැටුමකින් ප්‍රභාෂ් මොන්ඩල් මිය ගොස් ඇත.

පොලිසිය පැවසුවේ මොන්ඩල් නිලධාරියෙකුගෙන් ගිනි අවියක් උදුරා ගැනීමට උත්සාහ කළ බවත්, පොලිස් කණ්ඩායමට වෙඩි තැබූ බවත් ය. බරුයිපූර් පොලිස් අධිකාරීවරයා පැවසුවේ,

"අපරාධ ස්ථානය නැවත ගොඩනඟමින් සිටියදී, ඔහු පොලිසියෙන් ආයුධයක් උදුරා ගැනීමට සහ ඔවුන්ට වෙඩි තැබීමට උත්සාහ කළා. පළිගැනීමක් ලෙස, පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර, ප්‍රභාස්ට පහර දුන්නා. ඔහු රෝහලේදී මිය ගිය බව ප්‍රකාශ කළා," යනුවෙන්.

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

එමෙන්ම ප්‍රශ්න කිරීමේදී මොන්ඩල් විමර්ශකයින් නොමඟ යවා ඇති බවත්, විමර්ශනයට සහයෝගය නොදැක්වූ බවත් පොලිසිය සඳහන් කර ඇත.

ඉකුත් ජූලි 4 වන දින අතුරුදහන් වූ 12 හැවිරිදි දැරියගේ මළ සිරුර පසුදා සුර්ජ්‍යපූර් හාට් ප්‍රදේශයේ පොකුණකින් සොයා ගත් අතර ඇයව දූෂණය කර ඝාතනය කර පසුව ඇගේ සිරුර ගෝනියක දමා ගොස් ඇති බවට පොලිසිය චෝදනා කළා.

මෙම සිදුවීම නිසා කෝපයට පත් ප්‍රදේශවාසීන් බරුයිපූර්-ජොයිනගර් මාර්ගය අවහිර කරමින්, ටයර් පුළුස්සා, පොලිස් වාහන විනාශ කරමින්, වහාම අත්අඩංගුවට ගෙන වගකිවයුත්තන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව ඉරිදා දැරියගේ සිරුර සොයා ගැනීමෙන් පැය කිහිපයකට පසු, අපරාධයට සම්බන්ධ බවට සැකපිට මැර පිරිසක් විසින් පිරිමියෙකු ඝාතනය කර තිබෙන බවත් වාර්තා වේ.   

අතුරුදන් වූ K2 ගුවන් යානයේ සුන්බුන් සාගර පත්ලේ - යානයේ ගමන් ගත් අය සොයා අඛණ්ඩ මෙහෙයුම්

අතුරුදන් වූ K2 ගුවන් යානයේ සුන්බුන් සාගර පත්ලේ - යානයේ ගමන් ගත් අය සොයා අඛණ්ඩ මෙහෙයුම්