පොලිස් භාරයේ සිටි කුඩු ජාවාරම්කරුට ගැනුම්කරුවන් 76 දෙනෙකු කතා කරලා
කන්දකුලිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති පොලිස් ක්ෂණික විහිදුම් බලකා ඒකකය මඟින් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් භාරයේ සිටියදී, අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පුද්ගලයන් 76 දෙනෙකුගෙන් දුරකථන ඇමතුම් ලැබුණු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කන්දකුලිය රෙඩ්ඛානාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, කල්පිටිය ඇතුළු ප්‍රදේශ රැසකට යතුරුපැදියෙන් ගමන් කරමින් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ප්‍රධාන ජාවාරම්කරුවෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු මත, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ පොලිස් ක්ෂණික විහිදුම් බලකා ඒකකයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.