මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක් - සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා සිදුවන දේ මෙන්න

Report

2027 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් මස 12 වන දින සිදුකිරීමට නියමිතව ඇත

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම සැප්තැම්බර් මස 18 වන දින සිදුකෙරෙන අතර එය පළමු වර කියවීම ඔක්තෝබර් මස 07 වන දින සිදුවන බවය.

අමාත්‍යංශ අනුව වියදම් ඇස්තමේන්තු ඇතුළත් 2027 විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා සැප්තැම්බර් මස 14 වන දින යොමු කිරිමට නියමිතව ඇත.

ප්‍රබල ‘භාවි’ කුණාටුව පිලිපීනය දෙදරුම් කවයි - නායයෑම්වලින් 15කට වැඩි පිරිසක් මියයයි

ප්‍රබල ‘භාවි’ කුණාටුව පිලිපීනය දෙදරුම් කවයි - නායයෑම්වලින් 15කට වැඩි පිරිසක් මියයයි

අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 13 වන දින සිට 20වන දින දක්වා සිදු කෙරෙන අතර කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 21 වන දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වා පැවැත්වීමට නියමිත බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.