ළමයි හදන්න දිරිමත් කරන්න අම්මට තාත්තට දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ දරුවෝ වැඩියෙන් ඉන්නකොට ණය පොළිය අඩු කරන්න ඕනේ - අජිත් [VIDEO]

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද(10) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙරට දරු උපත් සංඛ්‍යාව පහළ ගොස් ඇති බවයි.

එබැවින් වැඩි වැඩියෙන් දරුවන් ලැබීම අගය කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු, සම්මාන දිය යුතු දෙයක් බවට පත් කළ යුතු බව ඔහු පැවසුවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ විවාහ වන වයස ඉහළ යෑම, විවාහ අනුපාතය පහළ යෑම, විවාහ වෙන්වීම් සහ දික්කසාද ප්‍රමාණය ඉහළ යෑම, ජීවන වියදම වැඩිවීම, ආර්ථිකය පිළිබඳ අවිනිශ්චිතතාවය, දරුවන් දැඩි කිරීම පිළිබඳ වියදම් අධික වී ඇති බවට සමාජය තුළ පවතින මතය, කොවිඩ් වසංගතයේ ඇතිවුණු කම්පනය සහ තරුණ තරුණියන් රට අතහැර යෑම මීට හේතු විය හැකි බවයි.

මහජනතාවට කාරුණික නිවේදනයක් - අද සවස 6 සිට 13 වෙනිදා උදේ 4 දක්වා වලංගුයි

මහජනතාවට කාරුණික නිවේදනයක් - අද සවස 6 සිට 13 වෙනිදා උදේ 4 දක්වා වලංගුයි

එසේම ඔහු සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මේ රටේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තරුණ ජනගහනය නොමැති වන බවයි. තවද ඔහු කියා සිටියේ,

''මේ රටේ දරුවෝ උපදින් නැත්නම්, ප්‍රමාණවත් තරම් දරු උපත් සංඛ්‍යාවක් නැත්නම්, මේ රටේ දැනටමත් තිබෙන පාසල් දස දහසට ප්‍රමාණවත් තරම් දරුවෝ නැත්නම් අපි දැනටමත් ගොඩනගලා තියෙන විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන ධාරිතාවට ගැළපෙන ප්‍රමාණයේ දරුවන් ඉදිරියේ එන්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද විශ්වවිද්‍යාලවල විශේෂයෙන්ම සාමාන්‍ය විද්‍යාවේදී උපාධි සහ ශාස්ත්‍රවේදී උපාධිවලට ප්‍රමාණවත් තරම් ළමයි සංඛ්‍යාවක් දැන් ඇතුලත් වෙන්නේ නැහැ. මේක ඉතා බැරෑරුම් ප්‍රශ්නයක්. මොනවද අපිට මේ ගැන කරන්න පුළුවන්? මේ සඳහා යැපෙන දරුවන් සිටින පවුල් සඳහා බදු සහන හෝ ආදායම් බදු අඩු කිරීම් කරන්න ඕනේ. ළමයි ඉන්න පවුල්වලට විශේෂයෙන් සලකන්න ඕන. ඒ ඒ අයව අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම සුදුසුකම්ලත් පවුල් සඳහා මූල්‍ය ආධාර සහ දරු උපත්වලදී ප්‍රදානයන් ලබලා දෙන්න ඕනේ. ලෝකයේ මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දුන්නහම ඒ රටවල් කරලා තියෙන ක්‍රමයක්. ඒ වගේම මාතෘ පිතෘ සහ දෙමාපිය නිවාඩු ප්‍රතිලාභ ඉහළ දැමීම. අම්මට, තාත්තට දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ. ළමයි හදන්න දිරිමත් කරන්න ඕනේ. දරුවෙක් ඉපදුනාම ඇතිවන ඒ අභියෝගයන්වලට මුහුණ දීම සඳහා රජය ශක්තිය ලබලා දෙන්න ඕනේ. ළමා සුරැකුම් සේවා සහ මුල් ළමාවිය සංවර්ධන සේවාවන්වලට යන වියදම අඩු කරන්න රජය විශේෂිත වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. ඒ වගේම තරුණ පවුල් සඳහා නිවාස ආධාර ක්‍රම හෝ සහනදායි නිවාස ණය පහසුකම්. ඒ කියන්නේ දරුවෝ වැඩි වැඩියෙන් ඉන්නකොට ණය පොළිය අඩු කරන්න ඕනේ. සහන ලබා දෙන්න ඕනේ. ඒ වගේම තරුණ යුවළ සඳහා විශේෂයෙන්ම දරුවන් ලබන දරුවන් සිටින පවුල්වලට මේ ආරක්ෂාව ලබලා දෙන්න ඕනේ. වැඩි වැඩියෙන් දරුවන් ලැබීම අගය කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු, සම්මාන දිය යුතු, අගය කළ යුතු දෙයක් බවට පත් කරන්න ඕන.'' යනුවෙන්. 

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි