ජනතාවට අනතුරු ඇඟවීමක් - විමසිල්ලෙන් ඉන්නලු!
TN Weather
Weather
Rain
Thunder
By Shehan
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව යන පළාත්වලට මෙන්ම කුරුණෑගල, මහනුවර, නුවරඑළිය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට මෙම නිවේදනය බලපානවා. එම ප්‍රදේශවල තැනින් තැන වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව සඳහන්.
එසේම, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ඇති වීමේ හැකියාවක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
