පාසල් දරුවන් ගිය වෑන් රථයක් අනතුර - රියදුරා හා දරුවන් දෙදෙනෙක් මරුට - දහතුනක් රෝහලේ
අද (27) උදෑසන 7.10ට පමණ කුලියාපිටිය ප්‍රදේශයේදී විල පාලම අසලදී පාසල් දරුවන් රැගෙන යමින් තිබූ වෑන් රථයක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරින් පාසල් දරුවන් දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරු මරණයට පත්ව ඇති බව කුලියාපිටිය පොලීසිය පවසයි.
වැඩිදුරටත් අනතුරට ලක්වූ පාසල් සිසුන් දහතුන් දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.
අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු අනතුර සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.
"මම ත්‍රිවිල් එකේ ඉඳගෙන ඉන්නකොට දැක්කා වෑන් එක හැප්පෙනවා. ඉස්කෝල ළමයි 7ක් 8ක් හිටියා. ඔක්කෝම අරගෙන වාහනවලට පැටෙව්වා. ටිපර් එකේ වැදුණේ. වෑන් එකේ රියදුරු මහත්තයා බලාගෙන ඉන්නකොටම ඇදගෙන වැටුණා. එයා නැති වුණා. ළමයි දෙන්නෙක් හිටියා නැතිවෙලා. අපි පුළුවන් තරම් වාහනවලට පැටෙව්වා. එක ළමයෙක් හොඳ තත්ත්වයෙන් හිටියා."