කහවත්තේ වෙඩිතැබීමේ ඝාතන සැකකරුවා අත්අඩංගුවට
කහවත්තේ වෙඩි තැබීමේ ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කහවත්ත පොලිස් වසමේ යායින්න ප්‍රදේශයේදී ජූනි 30 වන දින පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සහාය වූ සැකකරුවෙකු ඊයේ (26) පැල්වාඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණි.
අත්අඩංගුවට ගනු ලැබුවේ වයස අවුරුදු 28ක රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර, වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු සහ සැකකාරියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
දෙහිවල පොලිස් වසමේ දුම්රියපොළ පාර ප්‍රදේශයේදී ජූලි 18 වන දින යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
ඒ අනුව ලද තොරතුරකට අනුව ඊයේ උදෑසන බොරලැස්ගමුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 20ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධයට සහාය වූ සැකකාරියක් දෙල්ගහවත්ත, හල්පිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 23ක පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරිය වයස අවුරුදු 38ක කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකාරියකි.