රටක් පාලනයට මොළේ තිබ්බහම ඇති රනිල්ට ප්‍රතිකාර කරහම තරුණ ජවයක් එනවා - වෛද්‍ය බෙල්ලන
රනිල් වික්‍රමසිංහ මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳව මේ වන විට සමාජයේ බොහෝ දෙනා විවිධ මත ඉදිරිපත් කරයි.
ඔහුට ශල්‍යකර්ම කීපයක් කිරීමට නියමිත ඇති අතර ඔහුගේ හෘද වස්තුව, වකුගඩු සහ රුධිර ගමනාගමනය යන මේ පද්ධතින් වල විවිධ අකාර්යක්ෂමතා පවතින බව සඳහන් කරයි.
එවැනි අදහස් යටතේ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා රනිල් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුවේ පහත ආකාරයේ ප්‍රකාශයක්.
"රටක් පාලනය කරන්න මොළේ තිබ්බහම ඇති.ලෙඩ රෝග තිබුණට මේවට කියන්නේ නිදන් ගත රෝග.මේක උනේ හොඳ වෙලාවට රනිල් වික්‍රමසිංහ මහතා පින් දෙන්න ඕන කවුරු කොහොම කරත් මේ අවස්ථාව උදා කරලා දුන්නු අයට.
මොකද ඔහුගේ රෝගී තත්ත්වයන් වලට නැවත ප්‍රතිකාර කළ යුතු අතර ඔහුට තාරුණ්‍යය ජවයක් ලබාගන්න පුළුවන්.ඒ නිසා ඒක හොඳ දෙයක්." ඉතින් වෛද්‍යවරයා රනිල්ගේ සුව දුක් පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා තිබුණේ ඒ ආකාරයටයි.'