දේශබන්දු තෙන්නකෝන්ට ඇප
2022 වසරේ ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.
කොළඹ කොටුව මහෙස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.