අනතුරුවලින් පරිස්සම් වෙන්න.. - මහ ජනතාවට කාලගුණය ගැන දැනුම්දීමක්!
By Shehan
අන්තර් නිවර්තන අභිසාරී කලාපය මෙරට කාලගුණයට බලපාමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අද (26) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
බස්නාහිර පළාත, පුත්තලම, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇතිවීමට ඉඩ ඇත.
මධ්‍යම, ඌව, නැගෙනහිර පළාත්වලත්, වවුනියාව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තද වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.