2025 මුල් මාස 10ක රජයේ බදු ආදායම රු. බිලියන 4,033ක්

Report

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම දත්ත අනුව, 2025 වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා මාස 10ක කාලය තුළ රජයේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 4,033ක් වාර්තා වී තිබේ.

මෙම ආදායම් ප්‍රධාන වශයෙන් ලැබී ඇත්තේ පහත ආයතන හරහාය:

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව: රු. බිලියන 1,809
  • ශ්‍රී ලංකා රේගු සේවය: රු. බිලියන 1,970
  • සුරාබදු දෙපාර්තමේන්තුව: රු. බිලියන 192
  • වෙනත්: රු. බිලියන 62

රත්තරන් ගන්න හොඳම වෙලාවද මේක? දැන්ම බලන්න

රත්තරන් ගන්න හොඳම වෙලාවද මේක? දැන්ම බලන්න

වාහන ආනයනයෙන් ලැබෙන බදු ආදායමේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන අතර, 2025 මුල් මාස 10 තුළ එය රු. බිලියන 350ක් දක්වා ඉහළ ගොස් ඇත. 2024 එම කාලවලදී මෙම ආදායම රු. බිලියන 48ක් පමණි. එනම් වසරකින් රු. බිලියන 302ක වැඩිවීමකි.

රජයේ බදු ආදායමට ඉහළම දායකත්වය සපයා ඇත්තේ අගමුල් බදු (VAT) මගිනි. එය රු. බිලියන 1,615ක් වේ. දෙවැනි ස්ථානයේ ආදායම් බදු රු. බිලියන 1,167ක් සමඟ පවතී.

මුදල් අමාත්‍යාංශය මෙම වැඩිවීම ආර්ථික පුනරුදයේ සහ බදු එකතුකිරීමේ කාර්යක්ෂමතාවයේ ධනාත්මක ලකුණක් ලෙස සලකයි.

Gallery