මෝදර දේවාල කමිටු සභාපති ඝාතනයට ගිනිඅවි සැපයූ 'බටු මීයා' අත්අඩංගුවට

Report

අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටු සභාපති මිරන්ත වරුසවිතාන මහතාගේ ඝාතනයට ගිනිඅවි ලබාදුන් බව කියන අනුර පුෂ්පකුමාර හෙවත් 'බටු මීයා' නමැත්තා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මීට පෙර ඝාතන චෝදනාවක් සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි අතර, අදාළ නඩුවකට ඉදිරිපත් වී ඇප ලබා නිදහස්ව ගොස් සිටියදී මෙම අත්අඩංගු කිරීම සිදුව ඇත.

පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ, මෙම ඝාතනය බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින 'ලොකු පැටී' නමැත්තා මෙහෙයවා ඇති බවත්, ගිනිඅවි සැපයූයේ 'බටු මීයා' බවත්ය. 'බටු මීයා' 'ලොකු පැටී'ගේ ඥාතියෙකු බවද පොලිසිය සඳහන් කරයි.

දිවයින පුරා පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයින් 590ක් අත්අඩංගුවට

දිවයින පුරා පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයින් 590ක් අත්අඩංගුවට

මිරන්ත වරුසවිතාන මහතා (කරන්දෙණිය 'සුද්දා'ගේ මස්සිනා) පසුගිය නොවැම්බර් 04 වැනිදා අම්බලන්ගොඩ නගර සභාව අසලදී මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කෙරිණි. මෙය මීටියාගොඩ ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට පළිගැනීමක් ලෙස සැකකෙරේ.

අත්අඩංගු කළ සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිව තිබේ. මෙම ඝාතනයට සම්බන්ධ වෙනත් සැකකරුවන්ද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අය අතර මාලිමාවේ මහනුවර නි.නගරාධිපතිවරයාගේ දියණියත්

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අය අතර මාලිමාවේ මහනුවර නි.නගරාධිපතිවරයාගේ දියණියත්