කුඩය අමතක කරන්න එපා - අද කාලගුණයෙහි දැනෙන වෙනසක්!

Climate Change Weather Rain
By Shehan Mar 30, 2025 02:38 AM GMT
Shehan

Shehan

Report

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (30) පස්වරු 2.00ට පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව පවසන පරිදි, දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවලට මිලිමීටර් 50ක පමණ තද වැසි ඇතිවීමේ සම්භාවිතාවක් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද උදෑසන මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

ReeCha