දිවයින පුරා කාලගුණය වෙනස් වෙයි..හදිසියේම සිදුවූ දේ මෙන්න.

By Aruna Feb 03, 2023 01:17 AM GMT
Report

දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ දින (02) රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත් වී දිවයිනෙන් ඉවතට ගමන් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු, නැඟෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

දකුණු පළාතේ උදෑසන කාලයේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50කට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් වාර්තා වනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now