කාලගුණයේ අද සිට වෙනසක්..ප්‍රදේශ කිහිපයකට වැසි..එම ප්‍රදේශ මෙන්න.

Sri Lanka Weather Galle Hambantota Mathara Rathnapura
By Aruna Feb 06, 2022 01:29 AM GMT
Aruna

Aruna

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් අද (06) රාත්‍රී කාලයේ සිට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව කළ නිවේදනය කළේ.

සබරගමුව පළාතේත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද සඳහන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now