රට පුරා හදිසි තත්ත්වයකට මුහුණ දීමට ගුවන් හමුදාව සීරුවෙන් තබයි..
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ හෙලිකොප්ටර් තුනක් සීරුවෙන් තබා තිබෙන බව ගුවන් හමුදාව විසින් දැනුම්දෙනු ලබනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුශාන් විජේසිංහ මහතා පැවසුවේ, හදිසි ආපදා තත්ත්වයක් සම්බන්ධ තොරතුරක් ලද වහාම මුදා ගැනීමේ කටයුතු සදහා මෙම හෙලිකොප්ටර් යොමුකරන බවයි.
ඒ අනූව කටුනායක, රත්මලාන සහ හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරුවල මෙම හෙලිකොප්ටර් ස්ථාන ගතකොට ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියේ.
බෙල් 212 යානා දෙකක් සමග එම්.අයි 17 යානයක් මේ සඳහා සූදානම් කොට තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සිදුකරන දැනුම්දීමකදී ක්‍රියාත්මක වීම සඳහා ගලවා ගැනීමේ ගුවන් භට පිරිසක්ද සූදානමින් සිටියි.
ක්ෂණික ගංවතුර ඇතිවීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මීට පෙර අවදානම් නිවේදනයක් නිකුත් කොට තිබේ.