ඉදිරි පැය කිහිපය භයානකයි. සුළි කුණාටුවක් ගැන දැනුම්දීමක්..
ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 800 ක් පමණ දුරින් බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ වර්ධනය වී තිබෙන ගැඹුරු පීඩන අවපාතය “මොඛා“ (Mocha) සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙන බවත්, එය අද (12) සවස් වන විටදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙම පද්ධතිය අනිද්දා (14) දහවල් වන විටදී ගිනිකොන දිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියි.
කෙසේ නමුත්, මෙම පද්ධතියට ලංකාව හරහා සුළං ධාරා ගමන් කිරීම නිසා අද දිනයේදීද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවදුරටත් ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, යක්කලමුල්ල, බද්දේගම, ඇල්පිටිය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ අවදානම් නිවේදන ද නිකුත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |