ඉදිරි පැය 24 ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන්..
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය අද දිනය වන විට සුළිකුණාටුවක් බවට පත් විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
මේ හේතුවෙන්, උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පල කර ඇත්තේ.
බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින මෙම පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ.
හෙට(04) වන විට එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතු සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අනුව, ඉදිරි පැය 48 තුළ, මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රීකුණාලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනු ලබයි.
දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටද දන්වා ඇත. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ,
මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙසයි. මෙම අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුර, උතුරු - මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකියි.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, උතුර,උතුරු - මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, පැයට කිලෝ මීටර් 40 - 50ක පමණ තද සුළං බලාපොරොත්තුවිය හැකි බවයි .