රටම බලා හිටිය දෙය ද?. 08 වෙනිදායි පසුව සිදුවෙන දේ ගැන ලංකාවටම දැනුම්දීමක් මෙන්න.
By krishani
මැයි මස 08 වනදායින් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර හෙට (07) දිනයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
තව ද, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.
එමෙන්ම, පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 50 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි ය.