පලාත් 05ක සහ දිස්ත්‍රික් 04කට අද සවස 2.00න් පසු වැස්ස..මේ ප්‍රදේශ වල අය විමසිල්ලෙන්..
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.
මේ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වෙන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
මේ අතර, ඊයේ පැවති අධික වර්ෂාවත් සමග බලන්ගොඩ ඕපනායක උඩුවෙල හොරන්කඳුර ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වී තිබේ.
මේ හේතුවෙන් නායයාමට සිදුව ඇති ස්ථානවලට පහළින් තිබෙන නිවාස අවදානම් තත්ත්වයක පවතින බවයි වාර්තා වන්නේ.
