විමසිල්ලෙන්ම ඉන්න - ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මොකක්ද මේ වෙන්න යන්නෙ?.

Department of Meteorology Weather Latest Headlines
By krishani May 17, 2024 12:38 PM GMT
krishani

krishani

Report

අද (17) සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

විමසිල්ලෙන්ම ඉන්න - ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මොකක්ද මේ වෙන්න යන්නෙ?. | Weather In Sri Lanka 17Th May 2024

එම දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එළියට යනව ද?. මෙන්න මේ දවසෙ වාහන ගමනාගමනය සීමා වෙයි.. විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

එළියට යනව ද?. මෙන්න මේ දවසෙ වාහන ගමනාගමනය සීමා වෙයි.. විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල දවල් 12න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

තව ද බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී 30 - 40ක පමණ තද සුළං ඇති විය හැකිය.

"අවශ්‍ය වුණොත් මේ විදිහට රෝහලට රැගෙන යන්න.." - ජනතාවට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

"අවශ්‍ය වුණොත් මේ විදිහට රෝහලට රැගෙන යන්න.." - ජනතාවට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.


කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%