"අවශ්‍ය වුණොත් මේ විදිහට රෝහලට රැගෙන යන්න.." - ජනතාවට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

දිනවල පවතින අධික වර්ෂාවත් සමග අකුණු අතතුරු සිදුවිම බහුල වී තිබෙනවා.

"අවශ්‍ය වුණොත් මේ විදිහට රෝහලට රැගෙන යන්න.." - ජනතාවට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න. | Lightning Strikes With Heavy Rain

ඒ හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවද ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇත.

මෙම අනතුරු හේතුවෙන් සිදුවන ළමා මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ මෙම පවතින අයහපත් කාලගුණයත් සමග විදුලි කෙටීම හරහා ඇතිවන කම්පන තත්ත්වයක් හේතුවෙන් කුඩා දරුවන් අනතුරුවලට ලක්වන බවයි.

ජූනි මස 4 වෙනි දා සිට.. - පාසල් සිසුන්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..

ජූනි මස 4 වෙනි දා සිට.. - පාසල් සිසුන්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..


මෙම තත්ත්වය ''Lightning injury'' ලෙස හඳුන්වන අතර විදුලි කෙටීම නිසා සෞඛ්‍යට හානි සිදු විය හැකි ය.

විශේෂයෙන්ම හෘද වස්තුවට හානි සිදු වීමට ඉඩ කඩ වැඩි වන අතර මේ හරහා හෘදයාබාධ ඇති විය හැකි වේ.

එමෙන්ම, මොළේට බලපෑම් සිදු වීම හරහා සිහි නැති වීම්, වලිප්පුව වැනි තත්ත්වයන් ඇති වීම් ද සිදු විය හැකි බව වෛද්‍යවරයා කියා සිටියේ ය.

තව ද, මෙම අනතුරුවලට ලක් වීම තුළින් පේෂීවලට හානි විය හැකි අතර අස්ථි බිඳීමට පවා ලක් විය හැකි ය.

අවසාන වශයෙන් ජීවිතයට හානි සිදු වී මරණය පවා ඇති විය හැකි බව ඒ මහතා පැවසීය.

ඔයත් මෙන්න මේ ප්‍රදේශවල ද? - ඇදහැලෙන අධික වර්ෂාවත් එක්ක එකවරම අනතුරු ඇඟවීමක් නිකුත් කරලා..(PHOTOS)

ඔයත් මෙන්න මේ ප්‍රදේශවල ද? - ඇදහැලෙන අධික වර්ෂාවත් එක්ක එකවරම අනතුරු ඇඟවීමක් නිකුත් කරලා..(PHOTOS)


කෙසේ වෙතත් වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ විදුලි කෙටීම ඔස්සේ යම් පුද්ගලයෙකු අනතුරකට ලක් වුවහොත් අදාළ පුද්ගලයාගේ හෘද ස්පන්දනය පිළිබඳව අවධානය යොමු කර ඔහුට කෘතිම ශ්වසනට ලබා දිය යුතු බවයි.

එමෙන්ම, වම් අත පැත්ත යටට එන ලෙස තබා ගනිමින් කඩිනමින් රෝහලක් වෙත රැගෙන යා යුතු බවයි.