අද රට පුරා උදෑසන කාලයේ සිට වැස්ස ..හවස 2.00න් පස්සෙ වැඩි වෙයි..

Matara Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna May 09, 2024 01:28 AM GMT
Aruna

Aruna

Report

 දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඩොලරය පහත දමමින් රුපියල යළි ඉහළ නගී..අද සටහන් වූ නව මිල ගණන් මෙන්න(PHOTOS)

ඩොලරය පහත දමමින් රුපියල යළි ඉහළ නගී..අද සටහන් වූ නව මිල ගණන් මෙන්න(PHOTOS)


මේ අනුව, බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි.

ලබන බදාදට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරියි..?

ලබන බදාදට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරියි..?