අද සවස 2.00ක් පස්සෙ එළියට යන අය මේ ගැන අනිවාර්යෙන් සැලකිළිමත් වන්න..

Western Province TN Weather Weather
By Aruna May 04, 2024 12:56 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම, "වැඩි අවධානය යොමු කළයුතු" මට්ටමක පැවතිය හැකි බව අපේක්ෂා කරන බව සඳහන් වේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම " අවධානය යොමු කළ යුතු" මට්ටමක පවතිය හැකි බවයි දැනුම් දී දෙනු ලබන්නේ.

මෙහිදී "වැඩි අවධානය" ලෙස නම් කර ඇති ප්‍රදේශවල ජනතාවට විජලනය, ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු පෙරළීම (heat cramp) සහ අධික උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සිය (heat exhaustion) ඇති විය හැකි බව දන්වා තිබේ.

ඒ අනුව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ, තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරතවීම තුලින් ශරීරයේ උෂ්ණත්යව නියාමන ක්‍රියාවලිය අඩපන වීම නිසා ඇති වන ආඝාත තත්ත්වය (hear stroke) ඇතිවිය හැකි බවයි.

මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළයුතු බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.