අද පලාත් කිහිපයකට සවස 2.00ක් පසුව ගිගුරුම් සහිත තද වැසි..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Apr 09, 2024 01:00 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්මපාර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද ලෞකික සැප විදින්න පුළුවන් සුපිරි ග්‍රහයෝගයක්..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් ඉන්න..

අද ලෞකික සැප විදින්න පුළුවන් සුපිරි ග්‍රහයෝගයක්..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් ඉන්න..