අද රෑටත් චන්ඩ වෙයි?.. වසර 20කට පසු විශේෂ දෙයක් අද වෙලා.. ඔයත් මේ ප්‍රදේශයේ ද කියලා බලන්න.. ජනතාවට දැනුම්දීමක්..

Sri Lanka Weather
By krishani Oct 23, 2023 02:44 PM GMT
krishani

krishani

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23) රාත්‍රියේ දී මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිං ගගේ අත්තනගලු‍ ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවයි.

තව ද නිල්වලා ගංගාවේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් කොටපොළ, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් වල ඇතැම් ප්‍රදේශවල සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද රාත්‍රියේ හම්බන්තොට - මුරුතවෙල ජලාශයේ වාන් දොරටු විවෘත කරන බැවින් ඌරුබොක්ක ඔය දෙපස සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් සිටිය යුතු වේ.

එමෙන්ම වලවේ ගගේ ජල මට්ටම අඩි 4කින් පමණ ඉහළගොස් තිබෙනවා.

ඒ බව හම්බන්තොට වාරිමාර්ග ඉංජිනේරු මාලා සමරක්කොඩි සඳහන් කළේ ය.

එමෙන්ම චන්ද්‍රිකා වැව වසර 20 කට පසු වාන් දමා තිබෙනවා. 

ඒ හේතුවෙන් එම ජලය හුලංදාව ඔය හරහා වලවේ ගඟට එකතුවී ඇත.

එබැවින් එම ගංගාවේ ජල මට්ටම මෙලෙස සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.

ReeCha