තුන්පිම්ම පනින්න එක්කන් ගිය සිසුවා ලොවක් ඉදිරියේ ලංකාව අසරණ කරයි
ජර්මනියේ මේ දිනවල පැවැත්වෙන 2025 ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ විනෝද් සඳරුවන් නැමති ක්‍රීඩකයා එම ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
මොහු හෙට දිනයේ අදාළ තරගාවලියේ පිරිමි තුන්පිම්ම ඉසව්ව නියෝජනය කිරීමට සිටි අයෙක් බව සඳහන්.
ඒ අනුව මෙවර ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලට රටවල් 150 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8,500 කට අධික සංඛ්‍යාවක් සහභාගි වේ.
ඒ අතර මෙරට විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනෙක් සහ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව ඇති බව වාර්තා වේ.
එවන් පසුබිමක අඳාළ අතුරුදහන් වීම වාර්තා වී ඇත.
තවද ඉකුත් 2019 වසරේදී ද ඉතාලියේ පැවැති ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලදී ද මෙසේ සබරගමුව විශ්ව විද්‍යාලයේම ක්‍රීඩකයෙක් පැනගොස් තිබෙන බැවින් මෙම සිදුවීම කැපී පෙනේ.