අදත් 2න් පසුව වෙන දේ ගැන කාලගුණය කියයි - මේ ප්‍රදේශවල සිටින ඔබට දැනුම්දීමක්.

Sri Lanka Weather
By krishani Oct 20, 2023 12:45 AM GMT
krishani

krishani

Report

අද (20) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක වැසි ඇති විය හැකි ය.

එමෙන්ම බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල උදෑසන කාලයේ දී ද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ReeCha