අද රෑ වෙන මේ දේ ගැන ඔයා දන්නව ද?. පරිස්සමින් කටයුතු කරන්න.. ජනතාවට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Weather
By krishani Oct 12, 2023 12:44 PM GMT
krishani

krishani

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36ක් සඳහා නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (12) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි ය.

එමෙන්ම, බස්නාහිර සහ දකුණ පළාත්වල උදෑසන කාලයේ දී ද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතී.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ReeCha