අද රාත්‍රියේ ලංකාවට කුමක් සිදු වෙයි ද?. මේ ඒ ගැනයි.. (PHOTO)

Sri Lanka Weather
By krishani Oct 11, 2023 11:57 AM GMT
krishani

krishani

Report

දිවයිනේ ස්ථාන රැසක, අද (11) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇත.

ඒ බව නිවේනදයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම නිවේදනය අද පස්වරු 1.00 සිට අද රාත්‍රී 11.30 තෙක් වලංගු වන පරිදි එම නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් බදුල්ල, වව්නියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතී.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි ය.

කෙසේ වෙතත්, අකුණු මගින් සිදුවන අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම නිවේදනය පහතින්,

Gallery
ReeCha