අදත් පළාත් කිහිපයකට වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.
Sri Lanka
Weather
By krishani
අද (27) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හකි බවඳ එම නිවේදනයේ සඳහන් වේ.
නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකියාවක් ද පවතියි.
කෙසේවෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |