කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්..

By krishani Aug 05, 2022 07:45 AM GMT
Report

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය තත්වයේ පැවතුනත් 10 සහ 11 දින වන විට පවත්නා වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් මධ්‍යම කදුකර ප්‍රදේශ ආශ්‍රිතව සහ සබරගමුව, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත්, මාතර හා ගාල්ල දිස්ත්‍රික්කවලට මිලිමීටර 50 ට වැඩි වැසි ඇතිවිය හැකි බවත් මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 ක කාලය තුළ ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස කාළගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුළ කරුණානායක මහතා ප්‍රකාශ කළේ ය.

වැසි අඩුවුව ද නායයෑම් සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join