ඇසිල්ලකින් රටම කැළඹුණ විසල් කාලගුණය කළ ඒ මහා විනාශය - පුද්ගල මරණම තවත් ඉහළට..(VIDEO)

Department of Meteorology Death Landslide In Sri Lanka Floods In Sri Lanka Latest Headlines
By krishani Jun 02, 2024 05:16 PM GMT
krishani

krishani

Report

මෙරටට බල පෑ කාළගුණ තත්ත්වය හේතුවෙන් එනම් දිවයිනේ නිරිතදිග කොටසට නොනවත්වා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ සිදුවූ ආපදා හේතුවෙන් ගත වූ පැය 24 දී පමණක් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුට දිවි අහිමිව තිබෙනවා.

ඇසිල්ලකින් රටම කැළඹුණ විසල් කාලගුණය කළ ඒ මහා විනාශය - පුද්ගල මරණම තවත් ඉහළට..(VIDEO) | Weather In Sri Lanka 02Nd June 2024

ඒ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

මේ වන විට නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වීමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉතා තද වැසි සමඟ දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.

අවිස්සාවේල්ල ඇස්වතු ඔය හදිසියේ පිටාර ගැලීමෙන් පුවක්පිටිය, කැකිල්ල ප්‍රදේශයේ දී ගංවතුරට හසු ව එකම පවුලේ තිදෙනෙකු මිය ගියේ ය.

ඒ අද (02) අලුයම 1ට පමණ ය.

එහිදී ගලා ආ සැඩපහරත් සමඟ නිවසේ දොර විවෘත කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

හැමෝම පරිස්සමෙන් ඉන්න - ඇසිල්ලකින් රටම කැළඹුණ වැස්සත් එක්ක තවත් භයානක ආරංචියක් මෙන්න..

හැමෝම පරිස්සමෙන් ඉන්න - ඇසිල්ලකින් රටම කැළඹුණ වැස්සත් එක්ක තවත් භයානක ආරංචියක් මෙන්න..


ඒ හේතුවෙන් අවාසනාවන්ත ලෙස ඔවුන් නිවස තුළම මියගොස් ඇත.

ඒ සම්බන්ධයෙන් පොලීසිය කියා සිටියේ මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි පුද්ගලයෙක්, 36 හැවිරිදි ඔහුගේ දියණිය හා ඇයගේ 7 හැවිරිදි දියණිය බවයි.

තව ද, අවිස්සාවේල්ල - හේවාඉන්න ප්‍රදේශයේ දී අද නාය යාමකින් සිදු විය.

මුදල්?. ජනපති විශේෂ තීරණයකට යයි.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් වහාම දන්වයි..

මුදල්?. ජනපති විශේෂ තීරණයකට යයි.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් වහාම දන්වයි..


ඒ හේතුවෙන් 11 හැවිරිදි දැරියක් ද මිය අතර වර්ෂාවත් සමඟ දෙයියන්දර - දෙනගම ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස කොටසට පස් කන්දක් කඩා වැටීමෙන් කුරුඳු තලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එයට යට වීය.

එලෙස යට වීමෙන් ඔවුන් මිය ගිය අතර ඔවුන් අවුරුදු 20 සහ 27 වයස්වල පසුවන අය වේ.

එමෙන්ම එයින් තවත් අයෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

තව ද, මේ වන විට අධික වර්ෂාවත් සමඟ නිරිතදිග කොටසේ කළු, කැලණි, ගිං, නිල්වලා යන ප්‍රධාන ගංගා ඇතුළු ගංගා රැසක් පවතින්නේ පිටාර ගලමින් වේ.

එමෙන්ම, කැලණි ගඟෙහි ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ අද අලුයම 3 සිට ඉදිරි පැය 48 සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ගංවතුර අවදානම් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.


ඒ අනුව අද දහවල් වනවිට කැලණි ගඟෙහි නාගලගංවීදිය සහ හංවැල්ල ජලමාපක සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගියේ ය.

ඒ ප්‍රදේශ රැසකට ගංවතුර අවදානම ඉහළ දමමින් ය.

මේ වන විට කළු ගඟේ සියලු ජලමාපක සාමාන්‍ය මට්ටම ඉක්මවා ගොස් ඇති අතර කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණියෙහි මිල්ලකන්ද ප්‍රදේශයට මිලිමීටර් 149.8ක වර්ෂාවක් ලැබීමත් සමඟ අද පෙරවරු 9 වනවිට මහා ගංවතුර තත්ත්වයකට පත් විය.

ඒ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව කළු ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල - කළුතර මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට වීය.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් වැසෙයි ද?. මේ දැන් ගත්ත විශේෂ තීරණය මෙන්න..(UPDATE/PHOTOS)

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් වැසෙයි ද?. මේ දැන් ගත්ත විශේෂ තීරණය මෙන්න..(UPDATE/PHOTOS)


මේ අතර, සීතාවක ගඟ දෙපස අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගය තල්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල විය.

තව ද, දැඩි වර්ෂාපතනය සමඟ හමායන තද සුළං හේතුවෙන් ගස් කඩාවැටීමෙන් බොහෝ ප්‍රදේශවල නිවාසවලට හානි සිදු විය.

එමෙන්ම, විදුලිය බිඳවැටීම් ද වාර්තා වූ අතර කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට වරකාපොල ප්‍රදේශයේ දී විශාල ගසක් කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා එල්ල විය.


.