අද එලියට යනවානම් කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා ..

By Piyumika Sep 23, 2024 01:02 AM GMT
Report

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේත් කොළඹ, ගම්පහ, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

රටම නොඉවසිල්ලෙන් බලන් හිටිය, ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපති - අනුර කුමාර දිසානායක..

රටම නොඉවසිල්ලෙන් බලන් හිටිය, ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපති - අනුර කුමාර දිසානායක..

එමෙන්ම  ඌව පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.