දිස්ත්‍රික් 10කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් ..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi මාස 1 කට පෙර
Sewvandhi

Sewvandhi

Report

ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව දිස්ත්‍රික් 10කට අනතුරු ඇගවීම් සිදුකර තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇඟවීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව දන්වා ඇත.

ඒ අනුව පස්වරුවේ සහ රාත්‍රී කාලයේ අදාළ දිස්ත්‍රික්කවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති විය හැකි අතර තාවකාලික තද සුලංද ඇතිවිය හැකි බව සඳහන් වේ.

මේ හේතුවෙන් අකුණු මගින් ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now