අද මෙන්න මේ වෙලාවට එළියට යනවා නම් මේ ගැනත් අවදානයෙන් යන්න.

Weather
By Wayomi Apr 11, 2024 06:23 AM GMT
Wayomi

Wayomi

Report

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව. 1:00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වඩා වැඩි තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් 5 වන දා සිට 15 වන දා දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුව ම ඉහළින් පවතී.

ඒ, අනුව අද දහවල් 12:11ට බත්තලන්ගුණ්ඩුව, මැදවච්චිය, හොරොව්පතාන සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.    
..............................................................

May you Like