අපි නිශ්චිත දිනයක් දෙනවා .අගමැතිනිය කියයි
මහපොළ ශිෂ්‍යාධාරය ලබා දීමට මාසිකව නිශ්චිත දිනයක් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසා සිටිනවා.
ඇය මේ බව පවසා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේතු සභාවරයේ දී ය.
පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිනිය ප්‍රකාශ කර සිටියේ මහපොළ දීමනාව ලබාදීමට නිශ්චිත දිනයක් තීරණය කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් මහපොළ භාරකාර අරමුදල සමඟ ද සාකච්ඡා කර ඇති බවයි.
විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ දීමනාව දෙන විට නිශ්චිත දිනයක් ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රිනී නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.
විශ්වවිද්‍යාල සිසුන්ට මාස ගණනාවක් නොලැබුණු මහපොළ ශිෂ්‍යාධාරය නැවත ලබාදීමට වත්මන් රජය පියවර ගෙන ඇතැයි ද අගමැතිවරිය ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාල සඳහා අලුතින් ඇතුළත් කරගත් සිසුන්ට මහපොළ දීමනාව ලබාදීමේ දී යම් ප්‍රමාදයක් ඇතිව තිබෙන බවත් එය නිවැරදි කර ඔවුන්ටද දීමනාව ලබා දීම සිදු කරන බවත් අගමැතිවරිය කියා සිටියා.
