අනුදිට අදත් අවස්ථාවක්.. -'Head-to-Head Challenge' අවසන් 20 දෙනාගේ තරගය අද
ඉන්දියාවේ තෙලංගානා හිදී පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ 'Head-to-Head Challenge' අංශයෙන්, තරගකාරිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර සමත් වී ඇත.
ඒ අනුව, ඇය මේ වන විට එම වටයේ ආසියානු සහ ඕෂනියා කලාපයෙන් හොඳම 5 දෙනා අතරට එක්ව ඇති බව වාර්තා වේ.
වසර 74ක ලෝක රූ රැජින තරග ඉතිහාසයේ 'Head-to-Head Challenge' අංශයෙන් අවසන් වටයට තේරී පත්වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ලෙස අනුදි ගුණසේකර ඉතිහාසයට එක්ව ඇත.
අනුදි සහභාගි වන 'Head-to-Head Challenge' අංශයේ අවසන් 20 දෙනාගේ තරගය අද (23) පැවැත්වෙනු ඇත.